Sunday, July 24, 2011

දැනගෙන නමස්කාරය කියමු… (Namaskar)


     තිං යාළුවනේ කොහොමද ? අද ලිපිය මහා ලොකු දෙයක් ගැන නම් නෙමේ. බෞද්ධ අපි හැමෝම දන්න බොහොම පොඩි දෙයක් ගැනයි. "නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස". මේ බෞද්ධ අපේ නමස්කාර පාඨයනෙ. මේ පාඨය කියද්දි අපි හැමෝගෙම දෙ අත් නොදැනීම නළලට එකතු වෙනවා නේද ? හිස පාත් වෙනවා නේද ? පොඩි කාලෙ ඉඳන් සිය දහස් වතාවක් නෑ... ඊටත් වැඩිය වාර ගණනක් අපි මේ නමස්කාර පාඨය කියලා ඇති නේද ? ඒත් ඉතිං දන්නවද මොකද්ද මේ නමස්කාර පාඨයෙන් කියවෙන්නෙ කියලා. මම අද කියන්න යන්නෙ ඒ ගැන තමා. ඔන්න අහගන්නකෝ.

Friday, July 22, 2011

ඔබත් අදම නිර්මල දහමට එන්න… (Visit "Nirmala Dahama")


ඔන්න මේ ලිපිය මෙච්චර කල් දාපු අනිත් ලිපි වලට වඩා ටිකක් වෙනස් එකක්. මේකෙ මොනවද කියලා තියෙන්නේ කියලා බලන්නකො එහෙනම්. කියවද්දි ඔයගොල්ලන්ටත් සිතුවිලි පහළ වේවිනේ.

Thursday, July 21, 2011

චිත්තල පබ්බත (Sithul Pawwa)


     ද මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ කිරින්ද දිහාට. එහෙම කියද්දි මාව දන්න අඳුනන අය මේක කියවනවන්න ගත්තානම්, මෙතනින් එහාට කියවන්නෙ නෑ. හි.. හි.. මොකද මට වඩා හොඳට ඒ අය මම ගැන දන්න නිසා. හරි, වල්පල් ඕන නෑ අද කියන්න යන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ, කිරින්දෙ තියෙන සිතුල්පව්ව විහාරය ගැනයි.

Tuesday, July 19, 2011

බුද්ධගයාව බේරාගත් උත්තමයා (Anagarika Dharmapala)


     "සිංහලයිනි නැගිටියව් බුද්ධගයාව බේරගනිව්" මේ කියමන ඇහෙද්දිම සිංහල බෞද්ධ අපිට අමුතු හැඟීමක් එනවා, අමුතු ධෛර්යයක් එනවා. මේක කිව්වේ කවුද කියලා ඇහුවොත් හුඟ දෙනෙක් දන්නවා නේද ? ඒ අයගේ දැනුම වැඩි දියුණු කර ගන්නයි, දන්නැති අයට දැනගන්නයි අද මම කියන්නම්කෝ ඒ උත්තම චරිතය ගැන.

Monday, July 18, 2011

සිත යනු … (What is Mind - I)


     සිත කියලා කිව්වහම හැමෝම දන්නවා මොකද්ද කියලා ඒත් විස්තර කරන්න හරි අමාරුයි නේද ? සිත ශරීරයේ අංගයක්ද ? ඒක පේන්න තියනවද ? අද අපි පොඩ්ඩක් බලමු මේ මිනිස් සිත කොහොමද බුදු දහමේ විස්තර කරලා තියෙන්නෙ කියලා. එහෙම කියද්දි කියවන එක නවත්තලා යන්න නේද හදන්නෙ ? නෑ බය වෙන්න එපා මේ සිත කියන එක ඉගෙන ගන්න හරිම ආස හිතෙන මාතෘකාවක්. ඉතිං මම මේ ලිපිය ලියන්නෙ පුළුවං තරම් සරළ කරලා. පොඩ්ඩක් කියවලාම බලන්නකෝ.

Sunday, July 17, 2011

මොකද්ද ඇත්ත ධර්ම චක්‍රය ? (Real Dhammachakra)


     ත්තටම මොකද්ද මේ ධර්ම චක්‍රය ? අපිට නිතරම දකින්න ලැබෙන, බෞද්ධ ආගමට සම්බන්ධ ගොඩක් තැන්වල තියන මේ ධර්ම චක්‍රය මොකද්ද කියලා මට හොයලා බලන්න හිතුනා. ගිය සතියෙ ඇසළ පෝය දවසේ ස්වර්ණවාහිනියෙ Live @ 8 ප්‍රවෘත්ති විකාශයේ මේ ගැන අපූරු ප්‍රවෘත්තියක් තිබුනා. එහෙම කියන්නේ එදා ඒ ප්‍රවෘත්තිය යනකන්ම මාත් හිතාගෙන හිටියේ ධර්ම චක්‍රය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා. 

Saturday, July 16, 2011

මවු පිය උවටැන් කළ ගිජුලිහිණියා (Gijjha Jathaka)


     ටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහා බෝසතාණන් වහන්සේ...........ආහ්.. බාධා කරන්න උනාට ටිකක් සමා වෙන්න ඔනේ. ඔන්න ඉතිං නිර්මල දහමින් දෙවෙනි ලිපියත් අරං මම ආවා. අද කියන්න යන්නේ ලස්සන කතාවක් ගැනයි. කතා අහන්න හැමෝම ආසයිනේ. මේක නිකම්ම නිකං කතාවක් නෙමේ. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ ගෙ එක් ආත්මයක ජාතක කතාවක් තමයි කියන්න යන්නේ. මේක පන්සිය පනස් ජාතක කතා අතුරින් 180 වෙනි ජාතක කතාවයි. මේ ජාතක කතාවේ නම තම්යි ගිජ්ඣ ජාතකය. බුදු රජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්න පාදක වෙලා තියෙන්නේ උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදි දෙමව්පියන්ට ඉතාමත් හොඳින් උපස්ථාන කරමින් හිටපු භික්ෂුවක්. ඉතිං ඔන්න කතාව අහන්නකෝ.

Friday, July 15, 2011

ඇසළ පෝය (Significance of Esala Poya Day)


     න්න ඉතිං ඇසළ පෝයත් පහු උනානෙ. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ ලෝකයා කෙරේ මහා කරුණාව ඇති කරගෙන ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරේ හරියටම මීට අවුරුදු 2600කට ඉස්සර ඊයෙ වගේ දවසක. ඒ ඉසිපතනේ මිගදාය නම් වනයේ. ඉතින් ඊයෙ වගේ දිනක නිසාත්, ඒ මේ මගේ සිතුවිල්ලට පාදක වෙච්ච බුදු රදුන් බුදු දහම ලොවට කියා දීමේ ආරම්භය නිසාත් ඇසළ පෝය ගැන මගේ පළවෙනි ලිපියෙන් කියන්න ඔනේ කියලා මට හිතුනා. ඉස්සර වගේම මට අදත් මේ අළුත් blog එකේ ලිපි ලියන්න විස්තර හොයලා දීපු උත්පලා උපාසිකාවට මුලින්ම පින් අනුමෝදන් කරන්නම්.

Thursday, July 14, 2011

නිමිත්ත… (Auspice)



     මේ ළඟදි දවසක උදේ අම්මා ගුවන් විදුලියේ යන බණකට සවන් දෙමින් හිටියා. මාත් හෙමින් හෙමින් කණ යොමු කරලා බැලුවා මොනවද කියන්නේ කියලා. ධර්ම කරුණු අහන්න, ඒවා ගැන විමසලා බලලා තේරුම් ගන්න පුංචි කාලේ ඉඳලා මට පොඩි ඇල්මක් තිබුනා. ඉතින් බණ ඉවර උනාට පස්සේ මම ටිකක් බර කල්පනාවක නිමග්න වෙලයි හිටියේ. මට හිතුනා, අපි මේ ශ්‍රී සද්ධර්මය අහන්න කොච්චර වාසනාවන්තද කියලා. ඒත් ඉතින් ඒ ධර්මය අහන්න අවස්ථාව තියෙද්දිත් මග හරින අයත් ඉන්නවනේ කියලා මට හිතට පොඩි කණගාටුවකුත් ඇති වුනා.

යාළුවන්ටත් මේ ගැන කියමුද ?

Related Posts Plugin for WordPress, Blogger...